උපන් ඇඳුමෙන් ම කොළඹ සිට කඩුගන්නාවට ආ තරුණයා අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ සිට තම යතුරුපැදිය නිරුවතින් පදවාගෙන පැමිණි පුද්ගලයෙකු කඩුගන්නාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පුද්ගලයා අද (03) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ආරක්ෂිත හිස් ආවරණය ද රහිත ව යතුරුපැදිය පදවාගෙන ගොස් ඇති බවයි.

සැකකරු අද අලුයම් කාලයේ නිරුවතින් යතුරුපැදිය කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ අධික වේගයෙන් ධාවනය කරමින් පැමිණ තිබෙනවා.

නුගේගොඩ හෝටලයක නවාතැන් ගෙන සිටි මොහු අද අලුයම පිටත් වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

එම අවස්ථාවේ මොහු පොලිස් බල ප්‍රදේශ කිහිපයක් ම පසුකර ගොස් තිබෙනවා.

එම පොලිස් ස්ථාන මගින් ලබා දුන් තොරතුරු මත කඩුගන්නාව පොලීසියේ රථ වාහන අංශ නිලධාරින් මාර්ග බාධකයක් ද යොදා කඩුගන්නාව ගල විදපු ස්ථානය අසළ දී මහත් පරිශ්‍රමයක් දමා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරුවතින් සිටීම නිසා අසල්වැසි නිවසකින් සරමක් ලබාගෙන ඔහුට අන්දවා පොලීසිය වෙත රැගෙන යාමට රථ වාහන අංශ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව කියන 23 හැවිරිදි තරුණයා අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක උපදේශකවරයෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මගින් තොරතුරු අනාවරණය වී තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ජනතා ප්‍රතිචාර දැන ගැනීමේ අපේක්ෂාවෙන් තමන් නිරුවතින් යතුරුපැදියේ නැගී පැමිණි බව අදාළ තරුණයා පොලීසියට පවසා තිබෙනවා.

කඩුගන්නාව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාගේ මෙහෙයවිමෙන් විමර්ශන සිදු කෙරෙන අතර අදාළ තරුණයා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14