යුක්‍රේනයට සහාය වීමට යුරෝපයෙන් 18 දෙනෙකුගෙන් යුත් සන්ධානයක්

පසුගිය සිකුරාදා යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මුණගැසීමෙන් පසුව සිදු වූ උද්වේගකර සංවාදය දෙස ලෝකයේ ම අවධානය යොමු වුව ද, ඊට යම් කිසි සහනයක් ගෙන දීමට යුරෝපා නායකයින් 18 දෙනෙකු සූදානම් වී තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් හමු වූ සෙලෙන්ස්කි හට ඉදිරියේ දී යුක්‍රේනය තුළ සාමය සහතික කිරීම සඳහා යුරෝපා සන්ධානයක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කෙරුණු බවයි.

යුක්රේනය සමඟ එක්ව යුද්ධය අවසන් කර රුසියාවෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් කරුණු හතරකින් යුත් සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්සත් රාජධානිය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් “කැමැත්තෙන් සිටින අයගේ සන්ධානයක්” තුළ ඔවුන්ගේ උත්සාහයන් වේගවත් කරන බවත්, යුක්රේනයට සහයෝගය දැක්වීම සඳහා එක්සත් ජනපදය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බව ද බ්‍රිතාන්‍ය අගමැති ප්‍රකාශ කරනවා.

“අද අපි ඉතිහාසයේ සන්ධිස්ථානයක සිටිමු,” බොහෝ දුරට යුරෝපයේ සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඇතුළු නායකයින් 18 දෙනෙකුගෙන් යුත් සමුළුවකින් පසුව ස්ටාර්මර් පැවසුවා.

කියෙව් වෙත “ශක්තිමත් සහයෝගයක්” දැනුණු බවත් සමුළුව “දිගු කලක් නොදුටු අතිශය ඉහළ මට්ටමක යුරෝපීය එකමුතුවක්” පෙන්නුම් කළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සුබවාදී සාකච්ඡා ප්‍රතිඵල පැමිණෙන්නේ ධවල මන්දිරයේ දී යුක්රේන නායකයා සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් දින දෙකකට පසුවීම ද විශේෂත්වයක්.

“සැබෑ සාමයක් සහ සහතික කළ ආරක්ෂාවක් සඳහා ඇමරිකාව සමඟ සහයෝගීතාව සඳහා පදනමක් සොයා ගැනීම සඳහා අපි සියලු දෙනාම යුරෝපයේ එකට වැඩ කරමින් සිටිමු,” සෙලෙන්ස්කි සමුළුවෙන් පසුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37