අණ නොතකා ගිය ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයක් පසුපස පොලිසිය හඹා ගොස් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී වෙඩි තබා තිබෙනවා.

අද (02) පෙරවරුවේ පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වැලි ප්‍රවාහන කරන ටිපර් රථයකින් ගංජා ප්‍රවාහනය කරන බවට පේදුරුතුඩුව පොලිසියට ලැබුණු තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට අද (02) පෙරවරුවේ කැටේ හදිය ප්‍රදේශයේ දී පොලිස් මාර්ග බාධකයක් යොදවා තිබෙනවා.

එහිදී ටිපර් රථය නතර කරන ලෙසට පොලිසිය සිදුකළ අණ නොතකා රථය ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ ටිපර් රථය පසුපස හඹාගිය පොලිසිය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී ඊට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ එහි රියදුරු සහ සහායකයා රථය අතහැර පලාගොස් ඇති අතර, දමාගිය ටිපර් රථයේ තිබී ගංජා සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වෙඩි වැදුණු පුද්ගලයෙක් මන්දිගයි රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් වී ඇති බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේ දී ලොරි රථයේ සහායකයා මෙලෙස ප්‍රතිකාර සඳහා රෝහල් ගතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර රිය සහායකයා මේ වනවිට අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාරක ලබන බවයි වාර්තා වුණේ.

පලාගොස් සිටින ටිපර් රථයේ රථයේ රියදුරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03