විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයදුම් කිරීමට අවස්ථාව පවතින බවයි එම කාර්යාංශය සඳහන් කළේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18ත් 35ත් අතර අයට මෙම රැකියා අවස්ථා නොමිලේ හිමිව තිබෙනවා.
වසර 05ක කාලයක් සඳහා මෙම රැකියා හිමිවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම අවම වැටුප රුපියල් ලක්ෂ හතරකට අධික බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ට ද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති ප්‍රධානම විශේෂත්වයක් වනවා .
රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්යවන අතර, උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය කර තිබෙනවා.
JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ද මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.
ඊට අමතරව ශරීරයේ පච්ච (ටැටූ) නොතිබීමද අනිවාර්ය කරුණක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
එම සුදුසුකම් සපුරන ලද අයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ ලියාපදිංචි වීමට හැකියාව පවතිනවා.