Empty Ad
AFC Banner
Empty Ad

මාස්ටර්ස් ලීගයේ ශ්‍රී ලංකාව කැන්ගරුවන්ට එරෙහිව අද පිටියට

ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) වඩෝදරා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය දේශීය වේලාවෙන් රාත්‍රී 7.30ට ඇරඹෙනවා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වය ශේන් වොට්සන් දරන අතර කුමාර් සංගක්කාර් විසින් ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල මෙහෙයවනවා.

මේ වනවිට ඔස්ට්‍රෙලියාව එක් තරගයකට මුහුණ දී කොදෙව්වන් හමුවේ එම තරගය කඩුලු 07කින් පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි තරගය මෙය වන අතර පළමු තරගය ඉන්දියාවට පරාද වුව ද, දෙවැනි තරගය ජයගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමින්.

එබැවින් අද තරගය දෙපාර්ශ්වයටම තීරණාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා මාස්ටර්ස්වරුන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?