කෙසෙල්බද්දර පද්මෙගෙ මිතුරාට වෙඩි තැබීමට සහාය දුන් දෙදෙනකු පොලිස් භාරයට

මිනුවන්ගොඩ – පත්තඬුවන හන්දියේ දී පෙරේදා (26) ත්‍රිරෝද රථයක නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (28) පෙරවරුවේ මෙම සැකකරුවන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අතර එක් කාන්තාවක් ද වනවා.

අදාළ වෙඩිතැබීම සඳහා යොදාගත් යතුරුපැදියේ ලියාපදිංචි අංකය තහවුරු කර ගැනීමෙන් පසු එම යතුරුපැදිය අයත් කාන්තාව ජාඇල – තුඩැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

එම යතුරුපැදිය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ද ඊයේ (27) රාත්‍රියේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත්තා.

මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව ඝාතනයේ මහා මොළකරු ලෙස සැලකෙන කෙසෙල්බද්දර පද්මෙගෙ පාසල් මිතුරෙකු බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18