දෙමටගොඩ චමින්ද විත්ති කූඩුවේ සිටියදී එකවර විදුලිය බිඳ වැටී උසාවියම කළුවර වීමේ සිද්ධියක්

බොරැල්ලේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාතාල කල්ලි නායක “දෙමටගොඩ චමින්ද” ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විමසීම අද (27) අවසන් වුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාව යටතේ බන්ධනාගාරය විසින් චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, සුමුදු දුෂ්මන්ත සහ සමීර සාරංග යන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී පළමු චූදිත සරත් බණ්ඩාරගේ නීතිඥයා සිය සේවාදායකයා විත්ති කූඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට අදහස් කරන බව දැන්වූවා.

අනතුරුව විත්තිකරු කූඩුවට පිවිස ප්‍රකාශය කිරීමට ආරම්භ කළ අවස්ථාවේ අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වූයෙන් අඳුරු තත්ත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

ඒ වන විටත් අධිකරණ ශාලාව තුළ රැඳී සිටි බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන් ක්ෂණිකව විත්ති කූඩුව අසලට ගොස් ආරක්ෂක විධි විධාන තර කළ බව ද වාර්තා වනවා.

අධිකරණ ශාලාවේ දොරටු විවෘත කර නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ මිනිත්තු කිහිපයකට පසු විදුලිය ලැබුණු බවත් අධිකරණ වාර්තාකරු පැවසුවා.

මේ ආකාරයට විත්තිකරුගේ ප්‍රකාශය කරගෙන යන අතර අවස්ථා දෙකක දී විදුලිය විසන්ධි වීමත් කැපී පෙනෙනවා.

2014 වසරේ අගෝස්තු මස 01 වනදා බොරැල්ලේ දී එච්. දුමින්ද හෙවත් චානක නමැත්තකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් පාතාල කල්ලි නායකයකු බව කියන දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, සුමුදු දුෂ්මන්ත සහ සමීර සාරංග ඇතුළු තැනැත්තන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙනුයි දෙමටගොඩ චමින්දට මරණ දඬුවම නියම ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23