Empty Ad
AFC Banner
Empty Ad

සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා රාජ්‍ය නිලධාරීන්ට රජයෙන් විශේෂ වැඩමුළුවක්

සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA) තක්සේරුව පිළිබඳ වැඩමුළුව කොළඹ මැන්ඩරිනා හෝටලයේ දී අද (27) පැවැත්වෙනවා.

මෙරට දේශපාලන ක්‍රමය මෙන්ම සහ රාජ්‍ය සේවය ද වෙනස් විය යුතු බව ජනතාව තීරණය කළ බවත් ඒ අනුව දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා විකල්ප බලවේගයක් පත් කර ගැනීමට ඔවුන් කටයුතු කළ බවත් ‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ යන මැයෙන් මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළා.

ජනතා අභිලාෂ ඉටු කිරීම ජනතා රජයේ වගකීම බැවින් ඒ සඳහා වන ප්‍රායෝගික ක්‍රියාවලියකට ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව මෙම වැඩමුළුවෙන් අවධාරණය කෙරෙන බවත් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව සුපිළිපන්න රාජ්‍ය සේවයක් වෙනුවෙන් පෙළගැසෙන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

මෙම වැඩමුළුව සඳහා මහජනතාව සමඟ සෘජුවම කටයුතු කරන ආයතන වීමේ පදනමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, පළාත් ලේකම් කාර්යාල 09, අමාත්‍යාංශ 24 ක් හා දෙපාර්තමේන්තු 43ක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි ව සිටිනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ යන මහත්ම මහත්මීන්ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු ද මෙම වැඩමුළුවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?