Empty Ad
AFC Banner
Empty Ad

ග්‍රෑන්ඩ්පාස් හි පිහි ඇනුමක් – තිදෙනෙකුට බරපතළයි

කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුවේ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු ව රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අද (26) පස්වරුවේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

මෙම පිහි ඇනුමින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රවෘත්ති ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් සිදු කළ විමසීමක දී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ පහර කෑ තිදෙනාගේ ම තත්ත්වය බරපතළ බවයි.

දෙපාර්ශ්වයක් අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු ව ඇති අතර තුවාල ලැබූවන් අතර කාන්තාවක් ද වනවා.

රාජා චන්ද්‍රසේකරන්, සමන් කුමාර ගුණසේකර සහ ශානිකා නමැති තිදෙනෙකුයි මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ.

තුවාලකරුවන් ග්‍රෑන්ඩ්පාස් අවට ම පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
7
+1
0
+1
13
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?