Empty Ad
AFC Banner
Empty Ad

මිද්දෙණියේ ඝාතනයට අනුබල දුන් තවත් අයෙක් අල්ලයි

පසුගිය 18 වැනිදා මිද්දෙණිය – කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ ත්‍රිත්ත්ව පුද්ගල ඝාතනවල සම්බන්ධ තත් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු ඊයේ (25) උදෑසන කාලයේ වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්‍රදේශයේ දී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගැනුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු අදාළ ඝාතන සිදු කිරීමට ආධාර හා අනුබල දී තිබෙන බවට වාර්තා වනවා.

සැකකරු මේ වනවිට මිද්දෙණිය පොලිසියට භාර කර ඇති අතර හෙතෙම හකුරුවෙල පදිංචි 37 හැවිරිදි අයෙක්.

ඉකුත් 18 වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ සය හැවිරිදි දියණිය සහ නවහැවිරිදි පුතු ඝාතනය වුණා.

ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?