ලොව බලවත් ම දෙවිඳුන් සමරන මහා ශිව රාත්‍රිය අදයි – ජනපතිගෙනුත් සුබාශිංසන

මහා ශිව රාත්‍රිය අද (26) දිනට යෙදී තිබෙනවා.

හින්දු දහම අනුව දෙවියන් අතුරින් ලොව බලවත් ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය ලෙසයි අද දිනය සැලකෙන්නේ.

ලොව බලවත්ම දෙවියා පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇති වූ මත ගැටුමේ දී, ශිව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කිරණයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසූ බව ජනප්‍රවාදයේ සඳහන්.

සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණූ දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් දෙකෙළවර සොයා ගැනීමට නොහැකි වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

ඒ අනුව, ලොව බලවත්ම දෙවියන් බවට ශිව දෙවියන් යැයි හින්දු බැතිමතුන් විශ්වාස කරනවා.

‍හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි.

මේ අනුව, හින්දු බැතිමතුන් ඊයේ (25) රාත්‍රියේ සිට අද (26) උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රී දිනය සමරනවා.

මේ අතර අද දිනට යෙදී තිබෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මෙසේයි;

ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රි දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තතනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙයින් සිහිපත් කෙරේ. එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” සංකේතවත් කරයි. එහෙයින් ‘මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල් වේවා’යි යන ප්‍රාර්ථනයෙන් මෙදින රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති. එමෙන්ම ජීවිතයේ සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම ද මහා ශිව රාත්‍රී දිනයේ දී සිදු කෙරේ.

ශිව හා පාර්වතීගේ එක් වීම සවිඥානයේ හා ශක්තියේ එක් වීමකි. එය, දෑස් වසා ලූ මෝහයේ තිරපට ඉරා යථාවේ ආලෝකයට දෑස් විවර කිරීමකි. මේ මොහොත යුග ගණන් අප සහෘදත්වයෙන් දුරස් කර ලූ භේද-බිඳුම් නිර්මාණය කළ අශිෂ්ට අඳුරේ තිරකඩ ඉරා එකමුතුව මුළු බඳිමින් මේ බිම මත නව යුගයක උදාව අත්විඳිමින් සිටින අවස්ථාවකි. අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතකි. ඒ සවිමත් පාදම මත හිඳ යහපත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා එකම ජාතියක් ලෙස අප සැම එක්ව ඉදිරියට යා යුතුය.

සියලුදෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනඟනු වස් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් කරා අප මේ වන විට ගමන් කරමින් සිටින්නෙමු. මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකළු කර අප තෝරා ගත් එ’මග වඩ-වඩා හෙළි කර ගැනීමට එක් වන්නැ’යි ලක් වැසි ඔබ සියලුදෙනාට මම ආරාධනා කරමි.
මහා ශිව රාත්‍රී දිනය සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ඇතුළු ලොව පුරා හින්දු ජනතාවගේ යහපත් සිතුම්-පැතුම් ඉටු වී ජීවිත අර්ථවත් වේවා’යි ප්‍රාර්ථනා කරමි..”
යනුවෙන් එහි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49