ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් සහ කතානායක අතර හමුවක්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ දී එම සංවිධානයේ (ILO) නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නේවාසික අධ්‍යක්ෂ ජොනි සිම්ප්සන්, ප්‍රධාන තාක්ෂණික උපදේශක තෝමස් කිං, ‘කෙයා’ ව්‍යාපෘතිය සඳහා ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක මේරියන් ප්‍රනාන්දු සහ වැඩසටහන් නිලධාරී අසිත සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහූ මෙම නියෝජිත පිරිස අතර වුණා.

කතානායකවරයා පැවසුවේ සමාජ සාධාරණත්වයේ මූලධර්ම මෙන්ම කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළින් සාධාරණ සංවර්ධනයක් සහතික කිරීම වෙනුවෙන් රජය දක්වන කැපවීම අවධාරණය කරන බවයි.

ශ්‍රී ලංකාවේ කම්කරු නීති සහ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා සහාය වීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අඛණ්ඩ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ද එම නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළා.

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර දුරලීම පිළිබඳ C190 සම්මුතිය සහ ආරක්ෂිත සහ සාධාරණ සේවා ස්ථාන ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55