AFC Banner
Empty Ad

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් සහ කතානායක අතර හමුවක්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ දී එම සංවිධානයේ (ILO) නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නේවාසික අධ්‍යක්ෂ ජොනි සිම්ප්සන්, ප්‍රධාන තාක්ෂණික උපදේශක තෝමස් කිං, ‘කෙයා’ ව්‍යාපෘතිය සඳහා ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක මේරියන් ප්‍රනාන්දු සහ වැඩසටහන් නිලධාරී අසිත සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහූ මෙම නියෝජිත පිරිස අතර වුණා.

කතානායකවරයා පැවසුවේ සමාජ සාධාරණත්වයේ මූලධර්ම මෙන්ම කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළින් සාධාරණ සංවර්ධනයක් සහතික කිරීම වෙනුවෙන් රජය දක්වන කැපවීම අවධාරණය කරන බවයි.

ශ්‍රී ලංකාවේ කම්කරු නීති සහ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා සහාය වීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අඛණ්ඩ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ද එම නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළා.

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර දුරලීම පිළිබඳ C190 සම්මුතිය සහ ආරක්ෂිත සහ සාධාරණ සේවා ස්ථාන ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?