මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (25) පැවැති හමුවේ දී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

පසුගිය මැතිවරණවල දී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහි දී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදු ව ඇති නව පරිවර්තන පිළිබඳව ද සතුට පළ කළා.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර වසර 60ක දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරුණා.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපතිවරයා තම ප්‍රශංසාව පළ කළා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මාලදිවයින් ජනරජයේ විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), දෙවන ලේකම් අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07