AFC Banner
Empty Ad

බොක්සිං පන්ච් බෑගයක සැඟවූ කෝටි ගණනක කුෂ් තොගයක් සොයා ගැනේ

රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික ගුවන් මගියෙකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු 73 හැවිරිදි වියෙහි පසුවන ඉන්දීය ජාතිකයෙක් බවත් හෙතෙම ඉන්දියාව තුළ අලෙවි කළමනකාරුවෙකු ලෙස කටයුතු කරන බවත් දසත ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

අද උදෑසන 11.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් සැකකරු ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරු සතු ගමන් මල්ලක් තුළ බොක්සිං ක්‍රීඩකයින් පහරදීම සඳහා පුහුණු වීමට ගන්නා රවුම්, දිගැටි හැඩයේ ‘පන්ච් බෑගයක් තුළ මෙම කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 908ක කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය තිබූ බවයි වාර්තා ව ඇත්තේ.

සැකකරු පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බුද්ධි තොරතුරු ලැබී තිබූ අතර, ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සැලසුම් කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මූලස්ථානයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?