බොක්සිං පන්ච් බෑගයක සැඟවූ කෝටි ගණනක කුෂ් තොගයක් සොයා ගැනේ

රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික ගුවන් මගියෙකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු 73 හැවිරිදි වියෙහි පසුවන ඉන්දීය ජාතිකයෙක් බවත් හෙතෙම ඉන්දියාව තුළ අලෙවි කළමනකාරුවෙකු ලෙස කටයුතු කරන බවත් දසත ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

අද උදෑසන 11.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් සැකකරු ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරු සතු ගමන් මල්ලක් තුළ බොක්සිං ක්‍රීඩකයින් පහරදීම සඳහා පුහුණු වීමට ගන්නා රවුම්, දිගැටි හැඩයේ ‘පන්ච් බෑගයක් තුළ මෙම කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 908ක කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය තිබූ බවයි වාර්තා ව ඇත්තේ.

සැකකරු පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බුද්ධි තොරතුරු ලැබී තිබූ අතර, ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සැලසුම් කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මූලස්ථානයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09