නියෝජ්‍ය ඇමති නලින්, මන්ත්‍රි රෝහිණීට කළ ප්‍රකාශයට මාලිමාව ඇතුළෙන්ම විරෝධයක් (වීඩියෝ)

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කළා.

එම සටහන මඟින් ඇය සදහන් කරන්නේ තමන් එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැලපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස එයඅනුමත කළ නොහැකි බවයි.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ඊයේ (22) දිනයේ පාර්ලිමේන්තුවේ සිදුකළ කතාව තුළ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට අපහාස වූ බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැඩි විරෝධයක් පළකර සිටියා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ ප්‍රකාශය වහාම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ප්‍රකාශයෙන් මන්ත්‍රීනී රෝහිනී කවිරත්නට කිසියම් අගතියක් වූවානම් එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න සිය සමාජ මාධ්‍යයට එක්කර තිබූ සටහන පහතින්.

WhatsApp Image 2025 02 23 at 1.14.13 AM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?