උණුසුම ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (21) පස්වරු 3.00ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි ප්‍ය 24ක කාලය දක්වා වලංගුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවදානයට යොමුකළ යුතු මට්ටමක පවතින බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.