පාසල් 1000ක් පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය (ඡායාරූප)

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “Clean Sri Lanka” වැඩසටහන යටතේ තවත් එක් අදියරක් වශයෙන් මෙම වසරේ (2025) පෙබරවාරි හා මාර්තු මාස තුළ දී දීපව්‍යාප්තව තෝරාගත් පාසල් 1000ක පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ හා අබලන් වී ඇති ඩෙස්පුටු ඇතුළු පාසල් උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ “රට හදන පරපුරක – වෙමු ද අපි මුල් පුරුක” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, අදාළ පාස‍ල්වල විදුහල්පතිවරුන් ඇතුළු පාසල් ප්‍රජාවගේ මුලිකත්වයෙන් සිදු කරනු ලබන බවයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය හා තාක්‍ෂණික දැනුම ලබාදීමට කටයුතු කරනවා.

එහි පළමු අදියර යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි තෝරා ගනු ලැබූ පාසල් 200ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට නියමිත අතර, ඊයේ (20) දින එහි සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/හෝ ඉළුක්ඕවිට ප්‍රාථමික විද්‍යාලයේ දී ද, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/කො මෝදර ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දී ද, ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/කො මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේ දී ද, ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණා.

මෙම අවස්ථාවන්ට ත්‍රිවිධ හමුදාපතිවරුන්, “Clean Sri Lanka” වැඩසටහනේ කාර්යය සාධක බලකායේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ අතර, හමුදා සාමාජිකයන් මෙන්ම, එම පාසල්වල විදුහල්පතිවරු ඇතුළු කාර්ය මණ්ඩලය, පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ පුර්ණ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘති ආරම්භ කෙරුණු බවත් වාර්තා වනවා.

WhatsApp Image 2025 02 20 at 18.40.40 1
WhatsApp Image 2025 02 20 at 18.40.40
WhatsApp Image 2025 02 20 at 18.40.39 1
WhatsApp Image 2025 02 20 at 18.40.39
WhatsApp Image 2025 02 20 at 18.40.37 2
WhatsApp Image 2025 02 20 at 18.40.37 1
WhatsApp Image 2025 02 20 at 18.40.37
WhatsApp Image 2025 02 20 at 18.40.36 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14