UPDATE: මීනගයාට බිලි වූ සද්දන්තයින් ගණන 06 දක්වා ඉහළට – තවත් වනඅලි දෙදෙනකුට ප්‍රතිකාර

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ වනඅලි සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම අනතුරින් මේ වනවිට (20) වන අලි හයදෙනෙකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

අදාළ ශීඝ්‍රගාමී දුම්රියෙහි මුළු වනඅලි 08 දෙනෙකු ගැටී තිබෙනවා.

මේ වනවිට තුවාල වූ වන අලි දෙදෙනාට වන ජීවී නිලධාරීන් පැමිණ ප්‍රතිකාර කරන බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රී 11.30 ත් 12.00 ත් අතර කාලයේ මෙම අනතුර සිදු ව ඇති අතර මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල් ඔය 141 වැනි දුම්රිය සැතපුම් කණුව ආසන්නයේ දී මෙම අනතුර සිදු වුණා.

කඩුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලි රංචුවක් කොළඹ බලා ධාවන‍ය වෙමින් පැවති දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවටයි පොලිසිය පැවසුවේ.

මිය ගොස් ඇති වනඅලින් වයස මාස 06, අවුරුදු 08, අවුරුදු 15 ක් හා අවුරුදු 20ක් පමණ වන සත්ත්වයින්.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු ගැහැණු සතුන් බවත් එක් අයෙකු පිරිමි සතෙකු බවත් කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ වනජීවී නිලධාරීන් පවසා සිටිනවා.


මීනගයා ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටීමෙන් වනඅලි රංචුවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම වනඅලි රංචුවෙන් බරපතළ තුවාල ලැබූ වනඅලීන් පස්දෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ගල්ඔය ප්‍රදේශයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව තිබෙනවා.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ මෙම වනඅලි රංචුව ගැටී ඇති බවත් එහිදී දුම්රිය පීලි පැනීමකට ද ලක් ව ඇති බවයි.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පීලිපැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ ප්‍රශ්නවලට උත්තර නොදී අල්ලස් කොමිසමට එයි
00:42
Video thumbnail
මාල කඩපු හොරාට ටවුන් එකේදිම මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි
00:50
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි
00:34
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - ප්‍රශ්නවලට උත්තර නොදී ගැම්මට එන හැටි
01:06
Video thumbnail
ගෝඨාභය නිර්දෝශීනම් අදෝනා නගන්න එපා - හිටපු ජනපතිද ඉන්න ජනපතිද වැඩක් නෑ
03:29
Video thumbnail
කුරුදුවත්ත ප්‍රදේශයට නව බස් රථයක් ලබා දෙන්න ගිය ආණ්ඩු ප්‍රබලයා - ගොඩක් සතුටුයි.. ආරක්ෂා කරගන්නවා
03:48
Video thumbnail
මාල කඩපු හොරාට මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි - "හොරු තොපි හොරු..අනිත් එකා පැනලා දිව්වා"
05:14
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි - අලියගෙන් බේරෙන්න නිවැසියන් ගෙදරින් දුවලා
01:02
Video thumbnail
වාහන ගන්න බැරි තරමට මිල වැඩි වෙනවා - ආනයනයේදී එකතු කරන 15%ක බද්ද ගැන විශේෂ ප්‍රකාශයක්
07:56
Video thumbnail
රාජපක්ෂ හොරුන්ටත් වඩා බයානක හොරු රැලක් මේ - නිරෝෂන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:50