කොළඹ – අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ චූදිතයෙකු ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාර කර තිබෙනවා.
මෙම තීරණය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද (19) පෙරවරු 8.45ට පමණ ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.
ඉන්පසුව චූදිත සංජීව කුමාර සමරරත්නන (ගනේමුල්ල සංජීව) නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට දී නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන සිටි අයෙකු විසින් රිවෝල්වරයකින් සිදු කරන ලද වෙඩි තැබීමකින් චූදිතයා මියගියා.
මේ වනවිටත් වෙඩික්කරු පලා ගොස් ඇති අතර ඔහු ව අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට මෙහෙයුම් බලය පවරා ඇති බවයි වාර්තා වන්නේ.
ගනේමුල්ල සංජීව යනු මෙරට අපරාධ කල්ලි අතර කුප්‍රකටත්වයක් උසුලන අයෙක් වන අතර ඔහු මෙරට තුළ දී ඝාතන 39කට අධික සංඛ්‍යාවක් මෙහෙයවා ඇති අයෙක් බවයි හැඳින්වෙන්නේ.