“Ne Zha 2” ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය ලෙස වාර්තා පොත් අලුත් කරයි

ලොව පුරා මේවන විට ඉහළ ජනප්‍රියත්වක් ලබා සිටින චීනයේ “Ne Zha 2” නම් සජීවීකරණ චිත්‍රපටය වාර්තා රැසක් තබමින් තිරගත වනවා.

මෙම චිත්‍රපටය මේවන විට ඩිස්නි සමාගමේ “Inside Out 2” චිත්‍රපටය ද අභිබවා ලොව වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් ව තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්ත අනුව ඊයේ (18) සවස වන විට මෙම චීන චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව යුවාන් බිලියන 12.319 (ඇ.ඩො බිලියන 1.72 ) ක් පමණ ඉක්මවා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ජනවාරි මස 29 වැනිදා උදාවූ චීන අලුත් අවුරුදු දින තිරගත වීම ආරම්භ වී දින 20කට පසුව සහ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්ව දිනකට පසුව “Ne Zha 2” සිනමා පටය මෙම සන්ධිස්ථානයට පැමිණීම විශේෂත්වයකි.

චීනය තුළ, තනි වෙළඳපොළකින් ඇ.ඩො බිලියන 1ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීමද ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි චීන වාර්තා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32