අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව පෙත්සම් ගොනුවෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශය හා එම පත්වීම බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

උඩවලව සෝම විහාරයේ විහාරාධිපති වේවැල්දූව ඥානප්‍රභා හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ කොමසාරිස්වරු, අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ සංජය ෆොන්සේකා මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා අයදුම්කරුවන් 16 දෙනෙකු අයදුම් කර තිබූ බවත් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර තිබූ බවයි.

ඉන් අනතුරුව ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණය දෙසැම්බර් මස 30 වන දා පැවැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එම සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ඉහළම ලකුණු ලබාගත් බවට තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

එසේ තිබියදී එම සම්මුඛ පරීක්ෂණය පෙනී සිටි මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා නම් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරුවන් චෝදනා කළා.

මීට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තුළ පැවති ඡන්ද විමසීමේ දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ඡන්ද 05ක් සහ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඡන්ද 04ක් ලබාගත් බවට දැනගන්නට තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එසේ තිබියදී මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඉකුත් ජනවාරි මස 10 වන දා මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරල්වරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

මෙය පූර්ව සැලසුමක් සහිතව දේශපාලනික අරමුණකින් සිදු කළ පත්වීමක් යැයි චෝදනා කරන පෙත්සම්කරුවන් මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විශ්වාසනීයත්වය හා ගෞරවය දැඩි ලෙස අභියෝගයට ලක් කෙරෙන බවත් සඳහන් කළා.

ඒ අනුව නීතියට පටහැනි ලෙස සිදු කර තිබෙන මෙම පත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතාගේ නම ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17