එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම ගැන යොමු වූ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ ගොනුකර ඇති චෝදනා නීතිවිරෝධී බවට තීරණය කර නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරු ගොනුකළ අභියාචනා පෙත්සම් තුනක විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ආරම්භ කෙරුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද (17) සලකා බැලුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා, එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගම සහ එහි අධ්‍යක්ෂවරු ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම්කර තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ එම නැවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි ඇතුළු අටදෙනකු විත්තිකරුවන් කරමින් නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇතැයි පෙත්සම්කරුවෝ සඳහන් කළා.

එම නඩුව විභාගයට ගත නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා මහාධිකරණ නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර අදාළ ප්‍රතිශෝධන පෙත්සමට අවසර දීමට තරම් නීතිමය පදනමක් හෝ කරුණු නොමැති බවට තීරණය කරමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් නොකරම පෙත්සම නිෂ්ප්‍රභ කෙරුණා.

ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව එරෙහිව පෙත්සම්කරුවන් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15