දිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපීමක් – කාන්තාවන් 11කට ඇතුළු 18කට දිවි අහිමිවෙයි

නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මියගිය අයගෙන් 11 දෙනෙක්ම කාන්තාවන් වන අතර, ළමුන් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

මහා කුම්භ උත්සවය සඳහා මගීන් රැගෙන යෑමට පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාදවීම හේතුවෙන් ඊයේ (15) රාත්‍රියේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ මෙම තෙරපීම සිදුව තිබෙනවා.

දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක ආරක්ෂක හමුදා යොදවා ඇති අතර, ගිනි නිවන රථ හතරක් ද ස්ථානගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉන්දීය දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් පැවසුවේ තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බවයි.

මේ අතර මෙම සිද්ධියෙන් මියගිය හා විපතට පත්වූවන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය කණගාටුව පළකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26