හදිසියේ රෝහල් ගත කළ පාප් වහන්සේගේ තත්ත්වය ගැන දැනුම්දීමක්

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (14) රෝහල් ගත කෙරුණා.

වතිකානුව පැවසුවේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ අගොස්ටිනෝ ජෙමෙලි රෝහල වෙත ඇතුළත් කළ බවයි.

මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගය වැළඳීම හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර තිබෙනවා.

රෝහල ගත කළ උන්වහන්සේ විශේෂඥ පරීක්ෂණවලට භාජනය වී මේ වනවිට ඖෂධීය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

“මූලික පරීක්ෂණවලින් ශ්වසන ආසාදනයක් පෙන්නුම් කරයි. ඔහුගේ සායනික තත්ත්වය ස්ථාවරයි, සුළු උණක් ඇත.” යනුවෙන් සිකුරාදා සවස ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඇති වූ මෙම හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉදිරි දින කිහිපය දී සහභාගීවීමට තිබූ වැඩසටහන් කිහිපයක්ම අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස අවුරුදු 21 දී පෙනහළුවලින් එකක කොටසක් ඉවත් කිරීම ඇතුළුව ඔහුගේ ජීවිත කාලය පුරාම සෞඛ්‍ය ගැටලු රැසකට ඔහු මුහුණ දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01