පාසල් නිල නිවස බිඳ ලැප්ටොප් හා රත්‍රං සොරකම් කළ සිසුවෙකුට ඇප – පියා සිපිරිගෙට

පාසලේ නිල නිවස කඩා ලැප්ටොප් පරිගාණයක් ඇතුළු ස්වර්ණාභරණ සොරකම් කළ පාසල් සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ වතු පාසලේ ගුරු නිල නිවසක් බිඳ එහි තුළ තිබූ ලැප්ටොප් පරිගණයක් සහ ස්වර්ණාභරණ සොරකම් කළ එම පාසලේ අධ්‍යාපනය ලබන අවුරුදු 15ක් වන පාසල් සිසුවෙක් ඊයේ (12) දිනයේ දී පොලිස් අත් අඩංගුවට ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එම ගුරුවරිය ඇයගේ පවුලේ සාමාජිකයින් සමග විදේශගත ව සිටින අවස්ථාවේ සැකකාර පාසල් සිසුවා විසින් මෙම සොරකම සිදු කර ඇති බවත්, පසුව ගුරුවරිය යළි දිවයිනට පැමිණීමෙන් පසු සොරකම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර ශිෂ්‍යයා අත් අඩංගුවට ගැනුණු බවත් සඳහන්.

සැකකාර සිසුවාගේ නිවස පරික්ෂා කිරිමේ දී සොරාගත් භාණ්ඩ ද සොයා ගැනුණා.

එම වතුයායේම පදිංචි සැකකාර සිසුවාගේ දෙමව්පියන් ද සොරකමට අනුබල දීම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර පියාව රක්ෂිත බන්ධනාගාරගත කර සැකකාර සිසුවා සහ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26