AFC Banner
AFC Banner
Empty Ad

පාසල් නිල නිවස බිඳ ලැප්ටොප් හා රත්‍රං සොරකම් කළ සිසුවෙකුට ඇප – පියා සිපිරිගෙට

පාසලේ නිල නිවස කඩා ලැප්ටොප් පරිගාණයක් ඇතුළු ස්වර්ණාභරණ සොරකම් කළ පාසල් සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ වතු පාසලේ ගුරු නිල නිවසක් බිඳ එහි තුළ තිබූ ලැප්ටොප් පරිගණයක් සහ ස්වර්ණාභරණ සොරකම් කළ එම පාසලේ අධ්‍යාපනය ලබන අවුරුදු 15ක් වන පාසල් සිසුවෙක් ඊයේ (12) දිනයේ දී පොලිස් අත් අඩංගුවට ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එම ගුරුවරිය ඇයගේ පවුලේ සාමාජිකයින් සමග විදේශගත ව සිටින අවස්ථාවේ සැකකාර පාසල් සිසුවා විසින් මෙම සොරකම සිදු කර ඇති බවත්, පසුව ගුරුවරිය යළි දිවයිනට පැමිණීමෙන් පසු සොරකම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර ශිෂ්‍යයා අත් අඩංගුවට ගැනුණු බවත් සඳහන්.

සැකකාර සිසුවාගේ නිවස පරික්ෂා කිරිමේ දී සොරාගත් භාණ්ඩ ද සොයා ගැනුණා.

එම වතුයායේම පදිංචි සැකකාර සිසුවාගේ දෙමව්පියන් ද සොරකමට අනුබල දීම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර පියාව රක්ෂිත බන්ධනාගාරගත කර සැකකාර සිසුවා සහ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?