මාරක අනතුරුවලින් දෙදෙනකු මියයයි

ඊයේ (12) දිනයේ සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනකුට දිවි අහිමි වුණා.

ඉන් එක් මරණයක් වාර්තා වන්නේ පිංදෙනිය පොලිස් වසමේ හරිගල – මල්වාන මාර්ගයේ කිරිදන ප්‍රදේශයේ දී යි.

මල්වාන දෙස සිට හරිගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වුණා.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු හා එහි ගමන් ගත් පුද්ගලයෙකු තොරණගහපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී රියදුරු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට මාරු කර යැවුණා.

මරණකරු වයස අවුරුදු 56 ක් වූ කිරිදන, අටාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර තවත් මාරක අනතුරක් ඊයේ උදෑසන කාලයේ ඇල්ල පොලිස් වසමේ හාලිඇල – බෙරගල මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දී සිදු වුණා.

බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ වම්පස නවත්වා තිබී නැවත මාර්ගයට ගැනීමේදී බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කළ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව වූ අතර ඉන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමේ දී මරුමුවට පත් වුණා.

මරණකරු වයස අවුරුදු 43 ක් වූ ගල්බොක්ක, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06