AFC Banner
AFC Banner
Empty Ad

ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ් (වීඩියෝ)

සමාජ, දේශපාලනික ක්‍රියාධරයෙකු ලෙස සැලකෙන ඩෑන් ප්‍රියසාද් එළඹෙන 14 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අද (11) අලුයම ඔහුව කටුනායක ගුවන්තොටේදි දිවයිනට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගැනුණේ.

ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2024 වර්ෂයේ දී පොලිස් ස්ථානාධිපතිවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියා.

ඒ අනුවයි සැකකරු ව අත් අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය හිමිවූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?