AFC Banner
AFC Banner
Empty Ad

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි අබේනායක ලියූ රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු ගැන සන්නිවේදන කතිකාව එළඹෙන 18 වැනිදා

ජ්‍යේෂ්ඨ පුවත්පත් මාධ්‍යවේදියෙකු මෙන් ම අධිකරණ වාර්තාකරුවෙකු ලෙස සැලකෙන ඒ.ජේ. අබේනායක මහතා විසින් රචනා කරන ලද ‘රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු’ නමැති ග්‍රන්ථය පිළිබඳ ව පැවැත්වෙන සන්නිවේදන කතිකාව එළඹෙන 18 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

පෙබරවාරි මස 18 වැනි දා පස්වරු 03ට ටොරින්ටන් හි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දියි මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ.

මෙම විශේෂ සන්නිවේදන කතිකාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් වන අතර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී කන්දේපොළ මහතා විසින් එය මෙහෙයවනු ලබනවා.

සාකච්ඡා මණ්ඩපයට සම්පත් දායකත්වය ලබා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපතිනි රසාංජලී පෙරේරා ඇතුළු විද්වතුන් රැසක් .

වසර 25කට ආසන්න කාලයක් මාධ්‍යවේදී භූමිකාව අකුරටම ඉටු කරමින් සුවිසල් මෙහෙවරක් සිදු කරන ජ්‍යේෂ්ඨ පුවත්පත් මාධ්‍යවේදී අබේනායක මහතා යනු ලේඛන කලාවට ද ආගන්තුකයෙක් නම් නොවේ.

මෙම කෘතියට අමතරව ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතර සුවඳ කඳුලු, මියගිය හෘද සාක්ෂිය සහ යුවතියකගේ ප්‍රේමය යන කෘති ද ජනාදරයට පාත්‍ර වූ කෘති වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?