USAID මූල්‍යාධාර සැපයුවේ ඇතැම් රටවල දේශපාලනික අස්ථාවරත්වයක් වෙනුවෙන් (වීඩියෝ)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) විසින් සිය ආධාර සැපයීමේ අරමුණ වන්නේ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් හි දේශපාලනික අස්ථාවරත්වයක් ඇති කිරීමට බව චෝදනාවක් එල්ල වී තිබෙනවා.

විශේෂයෙන් ම ඉන්දියාව, බංග්ලාදේශය සහ අනෙකුත් ජාතීන් අස්ථාවර කිරීම සඳහා USAID ප්‍රදාන භාවිතා කළ බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

පසුගියදා ට්‍රම්ප් පරිපාලනය මගින් ද USAID හි සබඳතා අත්හිටුවා දැමීමට කටයුතු කෙරුණා.

හංගේරියානු – අමෙරිකානු බිලියනපති ජෝර්ජ් සෝරෝස්ගේ සංවිධාන, දේශපාලන කටයුතුවලට බලපෑම් කිරීමට සහ ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් අස්ථාවර කිරීමට, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියෙන් (USAID) ඩොලර් මිලියන 260ක් ලබාගත් බවයි ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වන්නේ.

X (ට්විටර්) හි සටහනක, ට්‍රම්ප් වෙත චෝදනා කරමින් සඳහන් කර ඇත්තේ, “ජෝර්ජ් සෝරෝස් USAID වෙතින් ඩොලර් 260,000,000.00ක් ලබා ගත් අතර, එම මුදල් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, යුක්රේනය, සිරියාව, ඉරානය, පකිස්ථානය, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය තුළ අවුල්සහගත තත්ත්වයන් පතුරුවා හැරීමට, ආණ්ඩු වෙනස් කිරීමට සහ පුද්ගලික ලාභ ලැබීමට භාවිතා කළ” බවයි.

ට්‍රම්ප්ගේ පරිපාලනය USAID හි අයවැය කැටි කර ඇති බැවින්, ඔහුගේ ප්‍රකාශ එක්සත් ජනපද විදේශ ආධාර පිළිබඳ වැඩිවන පරීක්ෂාවට හේතු වන බව ද වාර්තා වනවා.

පසුගිය වසර 15 තුළ, USAID ආයතනය සෝරෝස් සමඟ අනුබද්ධ සංවිධාන සඳහා ඩොලර් මිලියන 270කට වඩා ප්‍රදානය කර ඇති බව වාර්තා පෙන්වා දෙනවා.

මස්ක්ගේ මැදිහත්වීම, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සහ දේශපාලන බලපෑම සඳහා විදේශ ආධාර භාවිතා කිරීම පිළිබඳ රිපබ්ලිකන් විවේචන තවදුරටත් තීව්‍ර කර ඇති බවත් වාර්තාවේ සඳහන්.

ඉන්දියාවේ, පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) දිගු කලක් තිස්සේ සෝරෝස් විපක්ෂ කණ්ඩායම්වලට සහාය දෙන බවත්; අගමැති නරේන්ද්‍ර මෝදිගේ විචාරකයින්ට අරමුදල් සපයන බවත් චෝදනා කර තිබෙනවා.

මේ අතර USAID විසින් සපයනු ලබන මූල්‍යාධාර සම්බන්ධයෙන් මීට පෙර ද තමන් අනාවරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.

නමුත් එදා පැවසූ දේ අද වනවිට ලෝක බලවතෙකු වන අමෙරිකානු ජනාධිපතිවරයා ද තහවුරු කර ඇති බව‍යි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ.

හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සම්පූර්ණ කතාව මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39