එක්දින තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය ඇරඹේ – ඕස්ට්‍රේලියානු සංචිතයත් නම් කෙරේ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය සඳහා ප්‍රවේශපත් අලෙවිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කරන්නේ www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ටිකට්පත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ මිල දී ගත හැකි බවයි.

එමෙන්ම කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපක් අලෙවි කුටියෙන් සහ තරග පවත්වන දිනවල දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් ද මෙම ප්‍රවේශපත් මිල දී ගැනීමට හැකියාව පවතිනවා.

රුපියල් 500, 2000, 3000, 4000, 75000ක් ලෙස ප්‍රවේශපත් මිල දී ගත හැකි අතර, රුපියල් 240,000ක් වටිනා ප්‍රවේශපත් 16ක් ද අලෙවිය සඳහා පවතිනවා.

දෙරට අතර එක්දින තරගවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ලබන 12 සහ 14 යන දිනයන්වල දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක්දින තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය ඊයේ (09) ප්‍රකාශයට පත් කළා.

මෙම සංචිතය සඳහා නායකයෙන් නම්කර නොමැති අතර, ස්ටීව් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් ඒ සඳහා පත් කිරීමට වැඩි අවස්ථාවක් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ට්‍රැවිස් හෙඩ්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මාර්නස් ලැබුෂේන්, ජොෂ් ඉන්ග්ලිස්, ඇලෙක්ස් කේරි, ආරොන් හාඩි, ග්ලෙන් මැක්ස්වෙල්, කූපර් කොනොලි, ෂෝන් ඇබට්, බෙන් වාර්ෂුයිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, මිචෙල් ස්ටාර්ක්, නේතන් එලිස්, ස්පෙන්සර් ජොන්සන්, තන්වීර් සංගා

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34