AFC Banner
AFC Banner
Empty Ad

එක්දින තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය ඇරඹේ – ඕස්ට්‍රේලියානු සංචිතයත් නම් කෙරේ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය සඳහා ප්‍රවේශපත් අලෙවිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කරන්නේ www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ටිකට්පත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ මිල දී ගත හැකි බවයි.

එමෙන්ම කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපක් අලෙවි කුටියෙන් සහ තරග පවත්වන දිනවල දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් ද මෙම ප්‍රවේශපත් මිල දී ගැනීමට හැකියාව පවතිනවා.

රුපියල් 500, 2000, 3000, 4000, 75000ක් ලෙස ප්‍රවේශපත් මිල දී ගත හැකි අතර, රුපියල් 240,000ක් වටිනා ප්‍රවේශපත් 16ක් ද අලෙවිය සඳහා පවතිනවා.

දෙරට අතර එක්දින තරගවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ලබන 12 සහ 14 යන දිනයන්වල දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක්දින තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය ඊයේ (09) ප්‍රකාශයට පත් කළා.

මෙම සංචිතය සඳහා නායකයෙන් නම්කර නොමැති අතර, ස්ටීව් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් ඒ සඳහා පත් කිරීමට වැඩි අවස්ථාවක් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ට්‍රැවිස් හෙඩ්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මාර්නස් ලැබුෂේන්, ජොෂ් ඉන්ග්ලිස්, ඇලෙක්ස් කේරි, ආරොන් හාඩි, ග්ලෙන් මැක්ස්වෙල්, කූපර් කොනොලි, ෂෝන් ඇබට්, බෙන් වාර්ෂුයිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, මිචෙල් ස්ටාර්ක්, නේතන් එලිස්, ස්පෙන්සර් ජොන්සන්, තන්වීර් සංගා

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?