09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප)

09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඊයේ (07) චීනයේ දී ආරම්භ වුණා.

“ශීත ඍතුවේ සිහිනය, ආසියාව අතර ආදරය” යන්න ,මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ තේමාව වී තිබෙනවා.

රටවල් 34ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ආරම්භ වුණේ චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන්.

මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඊසානදිග චීනයේ හෙයිලොන්ජියැං පළාතේ අගනුවර වන හාර්බින් හි ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන ක්‍රීඩා මධ්‍යස්ථානයේ දීයි.

චීනය, ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලක් සඳහා සත්කාරකත්වය ලබාදෙන තුන්වන අවස්ථාව මෙයයි.

මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලටශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු එක්ව සිටිනවා.

2017 ශීත ඍතු ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ එම්. සජීව් ද සිල්වා සහ ෂෙහාන් මධුර මුතුගල යන ක්‍රීඩකයින් මෙන්ම හිම පුවරු උපදේශකයෙකු ලෙස සේවය කරන ධනුෂ්ක බණ්ඩාර සහ ඔහුගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබන මාතොට ආරච්චිගේ පියුමි පියදර්ශනී මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.

ක්‍රීඩා ඉසව් 64ක් මෙවර තරඟාවලිය ට ඇතුළත් වන අතර, පිරිමි සහ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල ඇතුළු කාණ්ඩ කිහිපයක් යටතේ තරඟ පැවැත්වෙනවා.

සෑම වසර හතරකට වරක් පැවැත්වෙන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 07 වනදා සිට 14 දක්වා පැවැත්වීමට නියමිතයි.

GjOkOgGXcAAU46Z
GjOkOgGXMAA1KVo
GjOrIDhaQAIo4Hw
GjLAD1uawAAALAU
GjOgaS8asAAdk9f
GjOgaS9aQAEwotd
GjOgaS8aQAQPSEc
GjOgaS9boAAtlUv
GjOrMOsaQAMMj P
GjOrPAcaQAE9yoH


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42