09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඊයේ (07) චීනයේ දී ආරම්භ වුණා.
“ශීත ඍතුවේ සිහිනය, ආසියාව අතර ආදරය” යන්න ,මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ තේමාව වී තිබෙනවා.
රටවල් 34ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ආරම්භ වුණේ චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන්.
මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඊසානදිග චීනයේ හෙයිලොන්ජියැං පළාතේ අගනුවර වන හාර්බින් හි ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන ක්‍රීඩා මධ්‍යස්ථානයේ දීයි.
චීනය, ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලක් සඳහා සත්කාරකත්වය ලබාදෙන තුන්වන අවස්ථාව මෙයයි.
මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලටශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු එක්ව සිටිනවා.
2017 ශීත ඍතු ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ එම්. සජීව් ද සිල්වා සහ ෂෙහාන් මධුර මුතුගල යන ක්‍රීඩකයින් මෙන්ම හිම පුවරු උපදේශකයෙකු ලෙස සේවය කරන ධනුෂ්ක බණ්ඩාර සහ ඔහුගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබන මාතොට ආරච්චිගේ පියුමි පියදර්ශනී මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.
ක්‍රීඩා ඉසව් 64ක් මෙවර තරඟාවලිය ට ඇතුළත් වන අතර, පිරිමි සහ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල ඇතුළු කාණ්ඩ කිහිපයක් යටතේ තරඟ පැවැත්වෙනවා.
සෑම වසර හතරකට වරක් පැවැත්වෙන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 07 වනදා සිට 14 දක්වා පැවැත්වීමට නියමිතයි.
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 1](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOrA5oaQAQ3dQx.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 2](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOrE8DaQEo8vqx.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 3 GjOkOgGXcAAU46Z](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOkOgGXcAAU46Z.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 4 GjOkOgGXMAA1KVo](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOkOgGXMAA1KVo.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 5 GjOrIDhaQAIo4Hw](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOrIDhaQAIo4Hw.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 6 GjLAD1uawAAALAU](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjLAD1uawAAALAU.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 7 GjOgaS8asAAdk9f](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOgaS8asAAdk9f.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 8 GjOgaS9aQAEwotd](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOgaS9aQAEwotd.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 9 GjOgaS8aQAQPSEc](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOgaS8aQAQPSEc.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 10 GjOgaS9boAAtlUv](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOgaS9boAAtlUv.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 11 GjOrMOsaQAMMj P](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOrMOsaQAMMj_P.webp)
![09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප) 12 GjOrPAcaQAE9yoH](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/GjOrPAcaQAE9yoH.webp)