මහපොළ අරමුදලෙන් මිලියන 1100ක් වැයකර SLIIT ආයතන ඉදිකිරීම ගැන වෝහාරික විගණනයක්

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ සභාපතිත්වයෙන් පැවති දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වය යටතේ පවතින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සමඟ ඒකාබද්ධ රැස්වීමක් ලෙස පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

මෙහිදී 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 160අ, 162ආ, 161ඇ, 161ඈ, 161ඉ, 161ඊ, 161උ, 161එ, 161ඔ, සහ 161ඕ වගන්ති සමඟ කියවිය යුතු 204 වගන්තිය යටතේ එවකට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ඔක්තෝබර් 22 දිනැති අංක 2407/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බලනු ලැබූ අතර, කාරක සභා දෙකේම අනුමතිය ඒ සඳහා හිමිව තිබෙනවා.

එමෙන්ම මෙහිදී 2023 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අතර, කාර්ය සාධන වාර්තා ප්‍රමාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරමින් මෙම වාර්තාව අනුමත කරනු ලැබුවා.

මහපොළ භාරකාර අරමුදල අවභාවිතා කොට SLIIT ආයතනය ඉදිකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු විමසා සිටියා.

මේ අනුව රුපියල් මිලියන 1100 වැය කොට SLIIT ආයතනය ඉදි කොට ඇත්තේ මහපොළ භාරකාර අරමුදලට අයත් ඉඩමක බව අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළ අතර, පසුගිය කාල වකවානුව තුළ වෝහාරික විගණනයක් කළ බවට සඳහන් වුවද එම වාර්තා සහ තොරතුරු සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොමැති බව සඳහන් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නැවත වෝහාරික විගණනයක් සිදුකොට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවට අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියා.

එමෙන්ම දේශපාලන තීන්දු තීරණ මත මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 97ක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 37ක් නැවත භාරදී නොමැති බවත්, ඒ පිළිබඳව ද විමර්ශන සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසුවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ දී රුපියල් 2650ක මුදලක් මහපොළ භාරකාර අරමුදල මගින් ද රුපියල් 2450ක මුදලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ද ලබා දෙන බවත් මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා මෙම මුදල් ලබා දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් බවත්, රුපියල් මිලියන 563ක පමණ මුදලක් තවමත් ලැබීමට නියමිතව ඇති බවත් සභාපතිවරයා මෙහිදී තවදුරත් පැවසුවා.

ඉදිරි වර්ෂ 2-3 තුළදී මහපොළ අරමුදල මගින් ප්‍රතිලාභ ලබාදීමට නම් මහා භාණ්ඩාගාරය මගින් ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලැබීම අත්‍යවශ්‍ය බව මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

තවද මෙහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කර සිටියේ ගෙවීමට ඇති මහපොළ ශිෂ්‍යධාර හිඟ මුදල් ඉදිරි මාස තුන ඇතුළත ගෙවීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි.

එසේම අප්‍රේල් මස සිට මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව විධිමත් ලෙස ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

තවද මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකිරීමට ද මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා ඉදිරි අයවැය තුළින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

සතොස සහ සමුපකාර ව්‍යාපාරයට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, මහජනතාවට වඩාත් කාර්‍යක්ෂම සේවාවක් සැපයිමට සුදුසු තත්ත්වයකට සතොස සහ සමුපකාර ව්‍යාපාරය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

  1. එහෙම sillit එක හැදුවත් උපාධි අපේක්ෂකයෙකු ගෙන මාස 6 වාරිකයක් සදහා රුපියල් 2.70.000 පළමු වසර 2 සදහාත් ඉන්පසු වසර 2 සදහා රුපියල් 3.20.000 බැගින් වාරික අය කරනවා ඒ ඒ විෂය නිර්දේශ අනුව ගාස්තු වෙනස් වෙන්න පුළුවන් එහි අධ්‍යාපන ලබන දරුවන්ට මහපොළ ශිෂ්‍යආධාර ලබාදෙන්නේ නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17