AFC Banner
AFC Banner
Empty Ad

මන්ත්‍රී විශ්‍රාම වැටුප නැතිකරන යෝජනාවට දයාසිරි කලබලවෙයි – 159 ම කැමති බව අගමැති කියයි (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනවක් මන්ත්‍රී රවී කරුණානායක විසින් අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා මෙම යෝජනාව ඉදිරිපත් කෙරුනේ පෞද්ගලික යෝජනාවක් ලෙසයි.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක ගෙන ආ මෙම යෝජනව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් ඉදිරිපත් කර සිටියා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ මෙම යෝජනාව මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර, මෙවර පාර්ලිමේන්තුව ද නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සඳහා බලනොපාන බවයි.

පළමුවරට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට මෙම යෝජනාව බලපාන බව සඳහන් කළ ඔහු, මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර මන්ත්‍රී රවී කරුණානායක විසින් ගෙන ආ මෙම යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාම පක්ෂ බවයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?