AFC Banner
AFC Banner
Empty Ad

UN මෙරට නේවාසික සම්බන්ධීකාරක ආරක්ෂක ලේකම් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික සම්බන්ධීකාරක මාර්ක් – ඇන්ඩෘ ඇන්ඩ්‍රි ෆ්‍රැන්චි (Marc – Andre Franche) සහ ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් පැවැත්වුණා.

මෙම හමුව පෙරේදා (05) දිනයේ දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

එහිදී, දෙපාර්ශ්වයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර, පවතින අන්තර් සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පොදු අවශ්‍යතා පිළිබඳ අදහස් හුවමාරු කරගත්තා.

ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

සාකච්ඡාව අතරතුර එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා විසින් මෙරට ජාතික සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වනු ලබන සුවිශේෂී දායකත්වය ඉස්මතු කරමින් එම සංවිධානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කරනු ලැබුවා.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?