UN මෙරට නේවාසික සම්බන්ධීකාරක ආරක්ෂක ලේකම් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික සම්බන්ධීකාරක මාර්ක් – ඇන්ඩෘ ඇන්ඩ්‍රි ෆ්‍රැන්චි (Marc – Andre Franche) සහ ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් පැවැත්වුණා.

මෙම හමුව පෙරේදා (05) දිනයේ දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

එහිදී, දෙපාර්ශ්වයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර, පවතින අන්තර් සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පොදු අවශ්‍යතා පිළිබඳ අදහස් හුවමාරු කරගත්තා.

ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

සාකච්ඡාව අතරතුර එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා විසින් මෙරට ජාතික සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වනු ලබන සුවිශේෂී දායකත්වය ඉස්මතු කරමින් එම සංවිධානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කරනු ලැබුවා.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36