AFC Banner
AFC Banner
Empty Ad

අයර්ලන්ත ක්‍රීඩිකාවකට පන්දු යැවීම තහනම් වෙයි

අයර්ලන්තයේ වමත් දඟ පන්දු යවන්නියක් වන අයිමි මැගුයර් (Aimee Maguire) හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දු යැවීම තහනම් කර තිබෙනවා.

ඇයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවත් එය ICC රෙගුලාසි යටතේ අවසර දී ඇති අංශක 15 ක නැවීමේ මට්ටම ඉක්මවා ඇති යාම මීට හේතුව බවයි සැලකෙන්නේ.

ජනවාරි 10 වන දින ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් පසුව තරග නිලධාරීන් විසින් වමත් දඟ පන්දු යවන්නාගේ පන්දු යැවීමේ විලාසය සැක සහිත බවටයි පැමිණිලි කර ඇත්තේ.

රාජ්කොට් හි ඉන්දියාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයේ දී 18 හැවිරිදි මැගුයර් පන්දුවාර 08ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 57කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

පසුව ජනවාරි 21 වන දින ලෆ්බරෝ හි ICC පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී ඇයගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂාවට ලක් කරන ලද අතර, එහිදී ඇයගේ පන්දු යැවීමේ ඉරියව්වේ වැලමිට දිගු කිරීමේ ප්‍රමාණය ICC රෙගුලාසි යටතේ අවසර දී ඇති අංශක 15 ක ඉවසීමේ මට්ටම ඉක්මවා ගොස් ඇති බවයි හෙළි වූයේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, රෙගුලාසිවල 6.1 වගන්තියට අනුව, වහාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම
අයිමිගේ අත්හිටුවා තිබෙනවා.

නීතිමය ක්‍රියාමාර්ගයක් සමඟ ඇයට පන්දු යැවිය හැකි බව තහවුරු කරන තෙක් ඇයට යළි පන්දු යැවීමට අවස්ථාව හිමිවන්නේ නැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?