මහේල මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කරයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන මෙවර IPL තරඟාවලියට එක්වීම සඳහා ඉන්දීයාවට ගොස් සිටියා.

කෙසේ වෙතත් ඉන්දියාවේ මේ වනවිට පවතින දැඩි කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ IPL තරඟාවලිය තාවකාලිකව අත්හිටුවීමට තරඟ සංවිධායකයක් තීරණය කළා.

ඒ අනුව තරඟාවලියට එක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව පසුව තහවුරු වූවා.

අනතුරුව විදෙස් රටවල සිට IPL තරඟාවලිය සඳහා එරටට පැමිණ සිටි ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඔවුන්ගේ රටවලට යැවීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

කෙසේ වෙතත් ඇතැම් රටවල් ඉන්දියාව අතර ගුවන් ගමන් නවතා දමා තිබීම හේතුවෙන් එම  ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට තම රටවල් වෙත යාමට නොහැකි තවත්වයක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධනට ද නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුම්බායි ක්‍රිකට් කළමනාකාරීත්වය පවසන්නේ ඒ අනුව මහේල මාලදිවයිනේ නිරෝධායනය කාලසීමාව නිමකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31