පරිසරයට මත්ස්‍ය අපද්‍රව්‍ය බැහැර කළ දෙදෙනකුට අධිකරණයෙන් අමතක නොවන පාඩමක්

හැටන් නගරයේ මත්ස්‍ය වෙළෙඳසැලකින් ඉවත් කරන අපද්‍රව්‍ය පැරණි හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇළ මාර්ගයකට මුදා හැරි ලොරි රථයක් රියදුරු සහ රිය සහායකයා අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර එම චූදිතයින් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් අපූරු දඬුවමක් නිකුත් කරනු ලැබුවා.

ඒ අදාළ චූදිතයින් ම යොදා ගෙන හැටන් – දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ අපද්‍රව්‍ය බැහැර කළ ස්ථානය ඔවුන් විසින් ම සුද්ද පවිත්‍ර කළ යුතු බවට නියෝග කරමින්.

මෙම නියෝගය හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා විසින් ලබාදෙනු ලැබුවා.

එමෙන්ම චූදිතයින් දෙදෙනා අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරි රථය බැඳුම්කරයක් මත මුදා හැරීමට අධිකරණය නියම කළා.

හැටන් – දික්ඔය නගර සභා සීමාවේ අවිධිමත් ලෙස මෙවැනි ආකාරයට කැළිකසළ බැහැර කරන පුද්ගලයන් සහ බුලත් කෙළ ගසන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41