ශ්‍රී ලංකා රජය විසින් නිල ණය හිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අනුව ජපාන රජය සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වන හුවමාරු පත්‍ර සහ සංශෝධන ගිවිසුම අත්සන් කළ යුතු ව තිබෙනවා.
අත්සන් කළ යුතු අදාළ ලේඛන සඳහා නීතිපතිගේ එකඟතාව ලැබී ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
ඒ අනුව, ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.