එක් කෝටිය ඉක්ම වූ කුෂ් තොගයක් ටොෆි අතරින් හමුවෙයි

රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක්, ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර, සිය ගමන් මළු තුළ සූක්ෂ්ම ලෙස සඟවාගෙන ආ විදේශිකයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ඊයේ (04) අදාළ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කිරීමේදියි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකාර ගුවන් මගියා ඊයේ පස්වරුවේ 05.10ට ඉන්දියාවේ – නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොහු 45 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බවත් ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවිසැළක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු බවත් වාර්තා වනවා.

ඔහු රැගෙන ආ ගමන් මළු තුළ වූ ටොෆී සහ චොකලට් අඩංගු පැකට් තුළ මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 40 ක ප්‍රමාණය සඟවාගෙන තිබියදීයි සොයා ගැනුණේ.

මොහුගේ සහෝදරයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර, මීට පෙර අවස්ථා කිහිපයකදී ම එම සහෝදරයා මුණ ගැසීමේ මුවාවෙන්, මෙරටට පැමිණ ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට හැකි ව තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා අද (05) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන්පසුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා භාරකිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14