මාලදිවයින් ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි

මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් ඊයේ (03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී හමු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳ ව සිහිපත් කළ බවයි.

ඉන්දියානු සාගර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළා.

ආරක්‍ෂක සබඳතා, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහුණදීම සඳහා සහයෝගීතා ප්‍රයත්නයන් ඇතුළුව ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳ ව ඔවුහු සාකච්ඡා කළ බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහිදී, ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව පිළිබඳ කර්නල් හසන් අමීර් සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට මාලදිවයිනේ කැපවීම යළිත් අවධාරණය කළා.

මෙම හමුව සටහන් කිරීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?