කැනඩාවට සහ මෙක්සිකෝවට තීරුබදු ක්‍රියාත්මක කිරීම මාසයක් සඳහා අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් සමඟ කළ සංවාදවලින් පසුව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් එම දින 30ක කාල සීමාවෙන් පසු ට්‍රම්ප් කැනඩාව සහ මෙක්සිකෝව වෙනුවෙන් උමන ප්‍රතිපත්තියක් අනුගමන කරයි ද යන්න තවමත් පැහැදිලි නැහැ.
කෙසේ වෙතත් චීනය මත එක්සත් ජනපද තීරු බදු අද දිනය ඇතුළත ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.
සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ට්‍රම්ප්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් දේශසීමා බලාත්මක කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමට එකඟ වූ බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පවසා තිබෙනවා.
එම එකඟතාව මත දෙරට සඳහා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 25% තීරු බදු දින 30ක් දක්වා අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.