කොල්ලුපිටියේ ළැඟුම්හලේ දී රෝගාතුරව රෝහල්ගත කළ ජ‍ර්මානු කතත් මරුට

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ළැඟුම්හලක කාමරයක් ගෙන නතර වී සිටි විදෙස් ජාතිකයින් තිදෙනාගෙන් එක් කාන්තාවක් ඊයේ (02) ජීවිතක්ෂයට පත් වූ අතර දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි සෙසු විදේශික කාන්තාව ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඇය අද (03) රාත්‍රියේ දී මියගොස් ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ජර්මන් ජාතික කාන්තාවක්.

ඊයේ දිනයේ දී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ද හදිසියේ රෝගාතුරුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගියා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ ළැඟුම්හලක විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණේ ඊයේ දින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුවයි.

එම වාර්තාව සැලකිල්ලට ගනිමින් ඊට අදාළ ඉදිරි පරීක්ෂණ සිදුකර රැඳී සිටීමේ යෝග්‍යතාව වාර්තා කිරීමක් සිදු කරන තෙක් අදාළ නවාතැන්පළ තාවකාලිකව වසා දමන ලෙසත් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (03) නියෝග කළා.

පසුගියදා අදාළ නවාතැන්පොළෙහි රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සහ ජර්මන් ජාතික යුවළකට හදිසියේ ඇති වූ වමනය යෑමේ තත්ත්වයක් මත රෝහල්ගත කළ අතර එහිදී 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්වුණා.

එම සිද්ධියට ආහාර විෂ වීමක් හේතු වූවා ද නැතහොත් ඝාතනයක් ද යන්න ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා තවත් ප්‍රකාශයන් සටහන් කිරීමට ද නියමිතව තිබෙන බව පෙලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සඳහා මරණකාරියගේ ඥාතීන් ගෙන්වා මෘත ශරීරය හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට ද නියමිත ව තිබෙනවා.

මෙවන් පසුබිමක දියි රෝහල්ගත කර සිටි ජර්මානු කාන්තාව ද මරණයට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

එම ළැඟුම්හලේ සෙසු විදේශිකයින් හට ද ඉන් පිටව යන ලෙසට ඊයේ දිනයේ දී ම පොලිසියෙන් දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?