මනාලයා ජනප්‍රිය හින්දි ගීතයට නැටූ නිසා මනාලියගේ පියා මඟුල නවත්තලා

මනාලයෙක් තම විවාහ මංගල්‍යයේ දී ජනප්‍රිය බොලිවුඩ් ගීතයකට නර්තනය කිරීමට ගත් තීරණය ඛේදවාචකයකින් අවසන් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මිතුරන් විසින් විවාහ මංගල්‍යයේ දී ජනප්‍රිය බොලිවුඩ් ගීතයක් වන “චෝලි කේ පීචේ ක්‍යා හේ” ගීතයට නර්තනයේ යෙදීමට මනාලයාව පොළඹවාගෙන ඇති අතර, එහිදී මනාලයා නර්තනයේ නියැලීම හේතුවෙන් මනාලියගේ පියා විසින් විවාහ මංගල්‍ය අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

මනාලයාගේ එම ක්‍රියාව කිසිසේත්ම නොගැලපෙන බව පවසා කෝපයට පත් මනාලියගේ පියා විසින් මෙලෙස විවාහ මංගල්‍ය නතර කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

මනාලයාගේ ක්‍රියාවන් තමාගේ පවුලේ වටිනාකම්වලට අපහාසයක් වූ බවයි මනාලියගේ පියා මෙහිදී පවසා ඇත්තේ.

මෙම තීරණයත් සමඟ තම දියණියට සහ මනාලයාගේ පවුලේ අය අතර තවදුරටත් සම්බන්ධ වීම තහනම් කිරීමට පවා මනාලියගේ පියා කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය දා දිල්ලියේ පැවති විවාහ මංගල උත්සවයක දී සිදුව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාවේ බොහෝ පිරිසකගේ අවදානය යොමුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37