වැගන් ආර් එක ලක්ෂ 72ට නගී – ඇල්ටෝ මෝටර් රථයක් ලක්ෂ 40-50 අතර මිලකට (වීඩියෝ)

වාහන ආනයන සඳහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මෙලෙස වාහනය ආනයනයට අවසර ලබාදීමත් සමඟ වාහන වෙළඳපොලේ ඇතැම් වාහනවල මිල ගණන් ඉහළ යාමක් සහ ඇතැම් වාහනවල මිල ගණන් සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම්කර හැකි බවයි එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කරන්නේ.

ඒ, අනුව කැබ් රථවල මිල ගණන් පහළ යා හැකි බව සඳහන් කළ සභාපතිවරයා වෑන් රථවල මිල ගණන් ඉහළ යා හැකි බවයි අද (01) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර මෙරට බොහෝ පිරිසක් අතර ජනප්‍රිය මෝටර් රථයක් වන වැගන් ආර් වර්ගයේ නව රථයක් රුපියල් ලක්ෂ 72ක පමණ මුදලකට මිල දී ගත හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඇල්ටෝ වර්ගයේ ජපන් මෝටර් රථයක මිල ලක්ෂ 40-50 අතර මිලක් ගනු ඇති බව සඳහන් කළ ඔහු, ආනයනය කරනු ලබන ටොයෝටා ඇක්වා වර්ගයේ රථයක් ලක්ෂ 100 ඉක්මවනු ඇති බව සඳහන් කළා.

මේ අතර රජය විසින් වාහනය ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ පෙබරවරි අවසන් සතිය හෝ මාර්තු මස පළමු සතිය වන විට මෙරටට වාහන ගෙන්විය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39