නෙවිල් ද සිල්වාගේ හෝටල් නඩුවේ වගඋත්තරකරුවන් දුන් ප්‍රතිඥාව මාර්තු තෙක් දිගු කෙරේ

2023 වසරේ දෙසැම්බර් මස මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට භාජනය වී සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වයෙන් ඉදිරි කටයුතු නොකරන බවට වග උත්තරකරුවන් විසින් ලබා දී තිබෙන ප්‍රතිඥාව ලබන මාර්තු මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

ඒ පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා කියා සිටියේ පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට වගඋත්තරකරුවන් විසින් ලබා දුන් ප්‍රතිඥාව තවදුරටත් දීර්ඝ කරන ලෙසයි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා සඳහන් කළේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස පෙත්සම්කරුවන්ට නියම කරන ලෙසයි.

ඒ අනුව විමර්ශනවලට සහාය වන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් විනිසුරුවරයා පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 21 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරවන් කියා සිටින්නේ 2023 වසරේ දෙසැම්බර් මස 31 වන දා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හරක් කටා” නමැත්තාගේ ගෝලයින් පිරිසක් වැලිගම ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුණ තොරතුරකට අනුව විමර්ශන සඳහා එහි ගිය බවයි.

එම අවස්ථාවේ දී මෙම සිද්ධිය හටගත් බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඊට අදාළ විමර්ශන මේ වනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ බලපෑම් මැද සිදුවන බව පෙන්වා දුන්නා.

මෙම වග උත්තරකරුවන්ට එරෙහිව තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කරන අවස්ථාවේදී විමර්ශන මෙහෙයවා ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කාර පොලිස් නිලධාරින් ඒ අනුව තමන් පළිගැනීමට ලක්වීමට ඉඩකඩ තිබෙන බවත් සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම විමර්ශන කටයුතු සඳහා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරු සෘජුව හෝ වක්‍රව මැදිහත්වීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි අධිකරණ වාර්තාකරු දසතට සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21