වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ පෙත්සම් විභාගයෙන් විනිසුරු අමල් රණරාජා ඉවත් වෙයි

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ පෙත්සමේ විභාග කටයුතුවලින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා මහතා අද (28) ඉවත්වුණා.

පෙත්සම අද මායාදුන්නේ කොරයා, පී කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා මහතා පවසා සිටියේ, තමන් පෙත්සමේ විභාග කටයුතුවලින් ඉවත්වන බවයි.

ඒ අවස්ථාවේදී මෙම නඩුවට අදාළව විනිසුරු අමල් රණරාජා මහතා මීට පෙර නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන බැවින් පෙත්සම් විභාගයෙන් විනිසුරු අමල් රණරාජා මහතා ඉවත්වන බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මායාදුන්නේ කොරයා මහතා ප්‍රකාශ කළා.

එබැවින් පෙත්සම නව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජනවාරි මස 31 වැනිදා කැඳවන බව විනිසුරු මඬුල්ල නිවේදනය කර සිටියා.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බව සඳහන් කරමින් හිටපු නාවික හමුදාපතිවරයා අභියාචනාධිකරණයට හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එබැවින් නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු පෙත්සම මඟින් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37