ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා රැස්වෙයි (වීඩියෝ)

රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (28) රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගනු ලැබුවා.

ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂ්ම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, නව යෝජනා සහ පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

රජයේ රෝහල්වල සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් කිරීමත්, එම සේවාවන් ඉටු කරන කාර්ය මණ්ඩලය සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීම පිළිබඳවත් අවධානය යොමු වුණා.

මේ වන විට මෙම ක්‍රමවේදය කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා වුණා.

අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ජනාධිපති අරමුදලින් පහසුකම් සැලසීම තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන දරු දැරියන් මූලික කර ගනිමින් නව වැඩසටහන් ආරම්භ කිරීමටත්, දැනට පවතින වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් කෙරුණු බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදා‍ස, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී.ජයකොඩි, හිටපු විගණකාධිපති මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ යන මහත්වරු ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51