Empty Ad
AFC Banner
Empty Ad

මන්දනා 2024 වසරේ එක්දින ක්‍රීඩිකාව වෙයි

2024 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඉන්දීය ආරම්භක පිතිකාරිණිය වන ස්මිත්‍රි මන්දනා නම්කර තිබෙනවා.

ICC විසින් අදාළ නාමය අද (27) දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර මන්දනා පසුගිය වසර තුළ එක්දින තරගවල දැක්වූ දක්ෂතාව මීට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය 2024 වර්ෂයේ පැවති එක්දින තරගවල දී විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කරගෙන තිබෙනවා.

ඇය එක්දින තරග 13ක දී ලකුණු 747ක් තමන් නමින් ලබාගෙන සිටිනවා.

වසර පුරා පළපුරුදු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන මන්දනාගේ කැපී පෙනෙන සාධකයක් වූයේ දුෂ්කර තරගාවලිවල දී විශාල ලකුණු ලබා ගනිමින් ඉහළ මට්ටමේ ප්‍රතිවාදීන්ට එරෙහිව ඇගේ උපරිමය ලබා ගැනීමට ඇය සමත් වූ ආකාරයයි.

ජුනි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරග ත්‍රිත්ත්වය ම 3-0ක් ලෙස ජය ගැනීමත් එහිදී ඇය අඛණ්ඩ ව ශතක ලබා ගැනීම ද සඳහන් කළ හැකි වනවා.

ඔක්තෝම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවති තරගාවලියේ තීරණාත්මක තරගයේ දී ද කැපී පෙනෙන ශතකයක් වාර්තා කිරීම මෙන් ම දෙසැම්බර් මාසයේ දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී පැවති තරගයේදිත් ශතකයක් ලබා ගැනීම මන්දනාගේ දැවැන්ත පිතිකරණ හැකියාව පෙන්නුම් වනවා.

මන්දනා මීට පෙර මෙම සම්මානය 2018 සහ 2021 දී ද දිනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
00:00
Video thumbnail
දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ ටයිකෝට් ඇන්ද අයට - කෝචෝක් කරයි
05:42
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:26:50
Video thumbnail
අපිලගේ සාදු රිලා රැලකට කොටුවෙයි - මුං ගණන් කරන්නේ කොහොමද ? නාමල් කියාපිය
02:02
Video thumbnail
මහියංගනයේ සංගණනය පිස්සු හැදෙයි - වඳුරෝ - රිලව් සූ ගාලා
03:16
Video thumbnail
සත්තු ඉන්නවා 6+3 = 9ක් ඉන්නවා(වඳුරෝ )
01:07
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15

?