ඉන්දීය ජනරජ දින පෙළපාළියට රොබෝ සුනඛයින් (වීඩියෝ)

ඉන්දියාව අද (26) සිය 76 වන ජනරජ දිනය සමරනවා.

ජනරජ දිනය සමරමින්, ජනරජ දින පෙළපාළිය ඉතා ගාම්භීර අයුරින් පැවැත් වුණේ කොක්කටා හිදීයි.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

මෙම ජනරජ දින පෙළපාළිය සඳහා එක්කර සිටි ‘MULE’ නම් රොබෝ සුනඛ කණ්ඩායම කාගේත් අවදානයට යොමු වූ අංගයක් බවට පත් වුණා.

ඉන්දීය හමුදාවේ රොබෝ සුනඛයන් වන ‘MULE’ ජනරජ දින පෙළපාළියක් සඳහා යොදාගත්තේ පළමුවරට වීම විශේෂත්වයක්.

ඉන්දියානු හමුදාව පවසන ආකාරයට මෙම රොබෝ සුනඛයින් දේපල ආරක්ෂාව, රසායනික, ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික යුධ අවස්ථා ඇතුළු මෙහෙයුම් සඳහා යොදාගැනීමට හැකියව පවතිනවා.

එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම සහ බුද්ධි අංශ සහ නිරීක්ෂණ සඳහා ද භාවිතා කළ හැකි ආකාරයටයි මෙම ‘MULE’ නම් රොබෝ සුනඛන් නිර්මාණය කර ඇත්තේ.

මෙම රොබෝ සුනඛයන්ට කිලෝග්‍රෑම් 15ක බරක් රැගෙන යා හැකි අතර, සෙල්සියස් අංශක ඍණ 40 සිට සෙල්සියස් අංශක 55 දක්වා අධික උෂ්ණත්වවලදී ක්‍රියාත්මකවීමේ හැකියාව ද පවතිනවා.

ඉන්දීය හමුදාව මේ වන විට විවිධ ඒකක සඳහා රොබෝ සුනඛයන් 100 කගේ සේවාව ලබාගන්නා බවයි වාර්තා වුණේ.

https://twitter.com/RT_com/status/1879457082250080439
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56