2024 වසර තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ මුළු පැමිණීම 2,053,465ක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) දිනයේ පැවති විශේෂ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර මෙම වසරේ මුල් දින 21 තුළ පමණක් සංචාරකයින් 177,403 දෙනෙකු දියිනට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.
ඒ, අනුව සංචාරක ක්ෂේත්රය සඳහා අවශ්‍ය පහසුකම් සහ දිරි ගැන්වීම් රජය විසින් සැපයීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර රාත්‍රී 10.00 වන විට ඩීජේ හෝ සංගීත ප්‍රසංග නැවත්වීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා මෙම ප්රවෘත්ති සාකච්ඡාවේ දී අවදාරණය කර සිටියා.
මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිර යන වීඩියෝවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවා.